පඬිවිට වෙලගම ග්‍රාමයේ පිහිටි මෙම අම්බලම අවුරුදු 400ක් 500ක් පමණ පැරණි මෙම අම්බලම දැවයෙන් නිම කරන ලද්දකි. මෙහි කුලුණු, හිඳ ගැනීමට යොදා ඇති ආසන හා එහි මධ්‍යයේ ඇති මේසයද දැවයෙන් නිම කරන ලද්දකි. ගමේ පැරැන්නන් එක්ව ගොඩනගන ලද්දක් වන මෙහි, අම්බොක්ක දේවාලයේ ඇති කැටයම් වලට සමාන ලී කැටයම් අම්බලමේ දකිනට ඇත.

අතීතයේ මහා මාර්ග හා වාහන පහසුකම් නොමැති කාලයේ මොරහෙල, ඕවිටිකන්ද වැනි ප්‍රදේශ කිහිපයක ජීවත් වූ ජනතාව මාතලේ නගරයට යෑමට යොදා ගත් මෙම වෙල් යාය මැදින් වැටී ඇති මාර්ගය වන අතර ගිමන් හැරීමට මෙම අම්බලම යොදාගෙන ඇත. 

තවද, මෙම අම්බලම කුඹුර අස්වද්දන කාලයේදී, ගෙවිලියන් ඇඹුල ගෙනැවිත් තබා ගැනීමටද, ගොවීන් ආහාර අනුභව කරන්නටද මෙම අම්බලමය යොදාගෙන ඇත. මෙහි අදටත් ඇඹුල තියන්නට සෑදු උස් ස්ථානයද දැන ගත හැක. 

අතීතයේ සිට මේ දක්වා ගොවියන් ඒක්ව පවත්වන කන්න රැස්වීම පවත්න්නේ ද මෙම ස්ථානයේය. ඉතා මනරම් කුඹුරු යායක් මැද ඇති මෙම අම්බලම දෙස් විදෙස් සංචාරකයන්ගේ මන පිනවන ස්ථානයක් වන බැවින් බොහෝ දෙනා නැරඹිමට පැමිණෙන ස්ථානයකි.

 

Toilet Facilities: No

Disable accessibilities: Yes

Distance from Matale: 4.5km

Tickets: No

More Destinations