උඩවත්තකැලේ අභයභූමියේ පක්ෂීන් නැරඹීම සහ සංචාරය


හැඳින්වීම


ඉහළ ස්වාභාවික ජෛව විවිධත්වයකින් යුතු දිවයිනක් වන ශ්‍රී ලංකාව ඒ බව බොහෝ අවස්ථාවන්හිදී සනාථ කරනු ලබයි. හෙක්ටයාර් 104 ක් පමණ විහිදෙන උඩවත්තකැලේ, නුවර වැවට උතුරින් පිහිටා ඇති පාරිසරික සංචාරක කර්මාන්තය සඳහා වූ පෙදෙසකි. උඩ වාසල වත්ත (රාජ මාලිගාවට ඉහළින් පිහිටි උද්‍යානය) නම් වූ මෙය උඩරට රාජධානි සමයේ දී වරෙක තහනම් කරන ලද වනාන්තරයක් විය. 1856 වසරේදී මුළු උද්‍යානයම රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කොට, 1938 දී අභයභූමියක් ලෙස නම් කළද, සෑම දිනකම උදේ 6 සිට සවස 5 දක්වා සංචාරකයින්ට මෙය නැරඹීමට හැකිය. මෙම උද්‍යානයට සුවිශේෂී වූ පක්ෂීන් රාශියක් මෙහිදී දැකගත හැකිය. එපමණක් නොව, මෙය  ශ්‍රී ලංකාවේ ඇති සුන්දර කුරුලු අභයභූමි අතරින් එකකි.
ශ්‍රී දළදා මාලිගාව සහ කන්ද උඩරට - අරුප්පොල කලාපය අතර විහිදෙන කඳු මුදුනක උඩවත්ත කැලේ පිහිටා ඇත. කඳු මුදුනේ උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 635 ක් වන අතර, මේ අසල පිහිටි මහනුවර වැවට වඩා මීටර් 115 ක් ඉහළින් පිහිටා ඇත.
ආරණ්‍ය සේනාසනය, සේනානායකාරාමය සහ තපෝවනය,  නම් බෞද්ධ ආරණ්‍ය සේනාසන තුනක් සහ, චිත්තවිශුද්ධි ලෙන, මෛත්‍රී ලෙන සහ සෙංකඩගල ලෙන නම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සකසන ලද ලෙන් වාසස්ථාන තුනක් මෙම අභයභූමියේ පිහිටා ඇත. මහනුවර නගරයට ජලය සැපයීමේ පෝෂක ප්‍රදේශයක් ලෙස මෙම අභයභූමිය කටයුතු කරයි. උඩවත්ත කැලේ අභයභූමිය ශ්‍රි ලංකා රන්මූනත් කොට්ටෝරුවා,   ශ්‍රි ලංකා අලු ගිරවා, උකුසු බකමූණා (උලමා), ශ්‍රි ලංකා ගිරාමලිත්තා, කොළරිසියා, සහ පෙරදිග රන් පිළිහුඩුවා, ශ්‍රි ලංකා සැළලිහිණියා වැනි විවිධ පක්ෂීන් සඳහා නිවහනකි (ආසන්න වශයෙන් කුරුල්ලන් විශේෂ 80 ක් පමණ දැක ගත හැකිය). පක්ෂින් පිළිබඳ විශේෂඥයින්ට, දුරදක්නයක්  ආධාරයෙන් පක්ෂීන්ගේ හැසිරීම් රටා අධ්‍යනය සඳහා මෙය කදිම ස්ථානයකි. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1615 ක පමණ වාර්තා වන අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 ක් පමණ වේ. මෙම අභයභූමිය මහනුවර නගරයේ පරිදර්ශක ඡායාරූප ලබා ගැනීම සඳහා මෙන්ම සංචාරකයින් සමීපයටම පැමිණෙන සමනල්ලු, ක්ෂීරපායීන් ආදීන්ගේ ඡායාරූප ලබා ගැනීම සඳහා කදිම ස්ථානයකි. රිලවා, හිවලා, ඉත්තෑවා සහ මීමින්නා වැනි ආවේණික සතුන් මෙහිදී බහුලව දැකගත හැකිය. සාමාන්‍යයෙන් ශාක විශේෂ 460 ක්, විශේෂයෙන් වැල්, පඳුරු, ඖෂධ පැළෑටි සහ කුඩා ශාක මෙම වනාන්තරයේ ශේෂව පවතී.

 

 

කිතුල්ගල පක්ෂීන් නැරඹීම සහ සංචාරය


හැඳින්වීම


කැලණි ගඟේ ජල පෝෂකය ආරක්ෂා කිරීම සඳහා, කිතුල්ගල මාකන්දාව රක්ෂිතය (හෙක්ටයාර 195) පිහිටුවන ලද අතර, එය ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව හා වෘක්ෂලතා රැසකට නිවහනකි. මෙම ප්‍රදේශය, කැලණි ගඟේ 3 සහ 4 ශ්‍රේණිවල වේගවත් ඔරු පැදීම, සහ කඳු අතරින් ඇවිද යාම හෝ කැලයෙන් වැසී ගිය කඳු අතරින් පාපැදි පැදීම ඇතුළු ත්‍රාසජනක ක්‍රියාකාරකම් සඳහා මෙන්ම පහතරට තේ හා රබර් වගා කිරීම වැනි දෑ සඳහා ද ප්‍රසිද්ධය. ඩේවිඩ් ලීන් මහතාගේ ඔස්කාර් සම්මානලාභී සම්භාව්‍ය 'ද බ්‍රිජ් ඕවර් ද රිවර් ක්වායි' හි රූගත කිරීම සඳහා මෙහි  චිත්තාකර්ෂණීය දර්ශන භාවිත කොට ඇත. ගඟ දිගේ බෝට්ටු සවාරිය මෙම කිතුල්ගල රක්ෂිතය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට ලබා ගත හැකි සුවිශේෂී අත්දැකීමකි.


සිංහරාජයට දෙවැනි වන කිතුල්ගල වන රක්ෂිතයේ බට ඇටි කුකුළා, පිට තම්බල උප බස්සා, වත රතු මල් කොහා, තිත් පියා තිරසිකයා, අලු කෑදැත්තා, ශ්‍රි ලංකා හබන් කුකුළා, ශ්‍රී ලංකා වලි කුකුළා සහ මූකලන් කොට්ටෝරුවා වැනි පක්ෂීන් ඇතුළු පහතරට ආවේණික පක්ෂි විශේෂ බොහොමයක් නැරඹීමට මෙම වැසි වනාන්තරය කදිම ස්ථානයකි. අලුතින් සොයාගන්නා ලද පඬුවන් බස්සා නම් පක්ෂියාද මුල් වරට මෙම වනාන්තරයෙන් හමු විය. මෙම වනාන්තරයට ඇතුළුවීමේදී කෘමි උවදුරුවලින් මිදීම සඳහා වන ආලේපන සහ කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීම සඳහා වන මේස් ජෝඩුවක් ද තිබේ නම් රැගෙන යාම ප්‍රයෝජනවත් වනු ඇත. දඬු ලේනා, මූකලන් ලේනා සහ ශ්‍රී ලංකා  කළු වඳුරා මෙහි දක්නට ලැබෙන ක්ෂීරපායී විශේෂ අතරට ඇතුළත් වේ. ඇළ දොළෙහි ආවේණික මත්ස්‍යයන් සහ බොහෝ උභයජීවී විශේෂයන් දැක ගත හැකිය. Earless Lizard, පිනුම් කටුස්සා (ගොමු තැලිකටුස්සා) සහ කරමල් බෝදිලියා (ගැටහොඹු කටුස්සා) උරග විශේෂ අතර වන අතර, ඔවුන් නිරන්තරයෙන් කැලණි ගඟ දිගේ ශාක පත්‍රවල ලැඟුම් ගෙන සිටිනු දැක ගත හැකිය.

 

More things to do