1. Keselpaddoruwa hiking and trekking 

    Kesel Paddora is a beautiful Mountain Range famous for hiking and climbing. This is a hidden paradise which belongs to the Uda dumbara division in Central Province of the country. Due to the elevation of 324m above sea level, the weather will be relatively warm. For this region, the rainy season runs from November through February. The best time to visit is between May and September, when there is typically little rain. A hike to this mountain, which has risen above 1,529 meters above sea level, is indeed a hard and challenging task, given its blurred weather and trail paths. The attempt is worth the effort, and the scenic view from the summit is stunning. There are beautiful and unique floras that you could observe while climbing up. From the summit, the views of Yahangala, Gombaniya, Lakegala, Thunhisgala, Randenigala Dam, Rantambe Dam are so delightful. Even the village of Mahiyanganaya is so clear from the top.

    Accomadation- yahangala Resort

    Transportation- Bike,Taxi,Public transport

    Necessary items- carry enough water

    Use leach repellent

  2. CORBETT’S GAP

    Corbett’s Gap is one of the highest mountain passes in Sri Lanka named after British Army colonel, naturalist and adventurer, Jim Corbett. The hike is mostly along an abandoned jeep track that cuts through the Knuckles Conservation Forest an UNESCO designated World Heritage Site. These montane cloud forests, where the land rises to 2,500 metres above sea level, are home to an extraordinary range of flora and fauna, including several endangered species such as the westernpurple-faced langur, the Horton Plains slender loris and the Sri Lankan leopard. This trip begins with an hours drive through stunning mountain vistas, verdant tea fields and daily life of a very rural local village nestled in the foothills of the mountains. Soon you enter a thick lush cloud forest canopy heavy with mist and dew and reach Corbett’s Gap with its panoramic breath-taking views.

    Duration: 10kms /4.5 hours. 

    Essentials: Long bottoms, trainers/ walking boots, backpack. 

    Facilities: toilet tent and the sleeping tents 

    Accomoation: Corbet's Bungalow 

    Transport: Public & private vehicles

  3. Narangamuwa across laggala pallegama mountain trekking 

    Narangamuwa Lakegala Mountain is a popular hiking area situated in Matale. It consists of two peaks namely Meemure Lakegala and Narangamuwa Lakegala. Meemure Lakegala is a dangerous hike which requires much hiking skills. Lakegala Mountain is about 1310 meters high and its name translates to “The Rock of Lanka”. It is known to be among the hardest hikes in Sri Lanka. Lakegala Mountain is situated within the Knuckles Mountain Range. Although challenging, it is one of the best hiking spots in Sri Lanka.

    Have a guide from the village with you and do not attempt to hike the mountain on your own.


    Avoid hiking the mountain during the rainy season. (August and September are the best for hiking Lakegala)
    Take appropriate mountain climbing gear, equipment and ample amounts of food and water

  4. Dothalugala

    The Dothalugala Nature trail also starts near the information center (have to walk towards meemure for another 500m and you will see the starting point to get to the nature trail.) The dothalugala nature trail is about 5km walk and you will see amazing scenes and rare species of animals, plants, birds and lizards. (I was lucky enough to capture a Sri Lankan rough horn lizard in this trail)

    Transportation mode- Personal transport 

    Parking facilities available and single ticket to both Deanston Mini World’s End and Dothalugala

    *Two cement platform to a camping 

    *Water and equipments, foods and leach protection should bring 

    *trekking duration is 4 hour 

    Parking facilities available near the Deanston Conservation Center.

  5. Hiking & trekking in Knuckles Mountain range

    නක්ල්ස් කඳු වැටිය ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක වල පිහිටා ඇත. මෙම කඳු පන්තිය සඳහා එම නම ලැබී ඇත්තේ,  මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල සිට නරඹන විට කඳු සමූහයේ බටහිර දෙස අත මිට මෙළවූ විට මෙන් නැමි සහ මුදුන් වලින් යුතුව එකිනෙකට බැඳුණ දිස් වන බැවිනි. 
    බ්‍රිතාන්‍ය මිනින්දොරුවන් විසින් මෙම නාමය භාවිත කළ ද, සිංහල ජාතිකයින් විසින් මීදුමෙන් බර වූ කඳු වැටිය යන අර්ථයෙන් දුම්බර කඳු වැටිය යන නාමය සාම්ප්‍රදායිකව යොදගෙන ඇත. නක්ල්ස් කඳු වැටියේ වනාන්තරය දළ වශයෙන් හෙක්ටයාර් 21,000 පමණ ආවරණය කරන අතර, 2010 වර්ෂයේදී මධ්‍යම කඳුකර උස් බිම් ලෝක උරුම අතරට එකතු වන ලදී.
    මෙය මධ්‍යම කඳුකර උස් බිම් වල කොටසක් වූවද, මහවැලි ගඟේ නිම්නයෙන් දකුණ සහ නැගෙනහිර දෙසින් වෙන් වන අතර, මාතලේ නිම්නයෙන් බටහිර දෙසින් වෙන් වේ.
    විවිධ කාලගුණ තත්වයන් සහ භූගෝලීය තත්වයන් හේතුවෙන් විවිධ පරාසයකින් යුතු ශාක වර්ග වලින් නක්ල්ස් කඳුකර වනාන්තරය සමන්විත වේ.
    ආර්ද්‍ර නිවර්තන පහත්බිම් අර්ධ සදාහරිත වනාන්තර, නිවර්තන උප කඳුකර ආර්ද්‍ර සදාහරිත වනාන්තර, කඳුකර තණ බිම් සහ ළදු කැළෑ මේ අතර වේ.
    ශාක වර්ග මඟින් පරිසරයට එක් කරනු ලබන සංකීර්ණත්වය තවදුරටත් බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මිනිසුන් විසින් පරිසරයට සිදු කරන ලද වෙනස්කම් මඟින් තවදුරටත් වැඩි කරනු ලබයි.
    නකල්ස් කඳුවැටිය කුරුලු විශේෂ 128 ක්,  උභය ජීවීන් වර්ග 20 ක්, උරග වර්ග 53ක්, මිරිදිය ජීවීන් වර්ග 15, සහ ක්ෂරපායීන් වර්ග 31 ක් වැනි ඉහළ ජෛව විවිධාත්මක පරිසරයක් සඳහා නවාතැනකි. කඳු වැටිය පුරාවට සියලුම ජීවීන් වර්ග සමාන ලෙස පැතිරී නැත. ඔවුන්ගේ පැතිරීම ආහාර සුලභත්වය, කූඩු තැනීමට ඇති ඉඩකඩ, කාලගුණය, උන්නතාංශය, ශාක වර්ග පැතිරි ඇති ආකාරය ආදී විවිධ සාධක මත රඳා පවතී.

  6. Hiking/trekking to Kirigalpoththa Mountain via Horton Plains.                                      කිරිගල්පොත්ත යනු පිදුරුතලාගලට පසු ශ්‍රී ලංකාවේ 2 වන උසම කන්දයි. එය මුහුදු මට්ටමේ සිට මීටර් 2,388 ක් උසැති කඳු මුදුනකි. හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටි උසම ස්ථානය කිරිගල්පොත්ත වන අතර, මිනිසුන්ට ප්‍රවේශ විය හැකි උසම ස්ථානයද වේ. මෙම 7 K.M ක අඩි පාර (එක් මාර්ගයක්) පැය 5 1/2 ක පමණ කාලයක් ගත වන කඳු තරණය, කඳු නැඟීමේ සහ අභියෝගාත්මක සංචාරයකි.
    භූමියේ සහ කාලගුණයේ දුෂ්කරතාවය හේතුවෙන්, කිරිගල්පොත්ත කඳු තරණය අනතුරුදායක බැවින් අභියෝගයන්ට මුහුණ දීමට කැමති ශක්තිමත් පුද්ගලයින්ට පමණක් සුදුසු වේ. කඳු මුදුන තරණය කිරීමට උත්සහ කළ සෑම පුද්ගලයින් අට දෙනෙකුටම, එක් අයෙකු සෑම විටම කඳු මුදුනට ළඟා වීමට නොහැකි වී ඇත.
    තණකොළ සහිත තැනිතලා, මේඝ වනාන්තර, මඩ වඟුරු ආදිය දිගේ සහ අවසානයේ බෑවුම් සහිත පාෂාණ මතුපිට හරහා පටු සහ තරමක් පළල් අඩි පාර සර්පයෙකු ආකාරයෙන් දිව යනු ලබයි. ශ්‍රී ලංකාවේ දිවියා සහ ගෝනා යනු ඔබට ඇතැම් අවස්ථා වලදී නෙත ගැටෙන විශාල වන සතුන් වේ. ආවේණික පක්ෂි විශේෂ නැරඹීමට ලැබීම ඉතා දුර්ලභ අවස්ථාවකි. කඳුකර තණබිම් සහ මේඝ වනාන්තර වලින් ආවරණය වී ඇති පට්ටිපොල හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ආරක්ෂිත ප්‍රදේශයකි.
    මෙම සානුව මීටර් 2,100-2,300 (අඩි 6,900-7,500) උසකින් යුතු අතර, ජෛව විවිධත්වයෙන් පොහොසත්ය. මෙහි දක්නට ලැබෙන බොහෝ ශාක සත්ත්ව විශේෂයන් කලාපයට ආවේණික වේ. මෙම කලාපය 1988 වර්ෂයේදී දී ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලදී. මෙය ඔහිය සිට කිලෝමීටර් 8 ක් (සැතපුම් 5.0), ලෝක ප්‍රසිද්ධ ඔහිය කපොල්ල/දෙවුන්දර නැරඹුම් ස්ථානය සිට කිලෝමීටර් 6 (සැතපුම් 3.7) සහ නුවරඑළිය සිට කිලෝමීටර් 32 (සැතපුම් 20) දුරින් පිහිටා ඇති ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.
    හෝර්ටන් තැන්න යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංඟා තුන වන මහවැලි, කැලණි සහ වලවේ යන ගංගාවල මූලාරම්භයයි. මෙය සිංහල බසින් මහඑළිය තැන්න නමින් හැඳින්වේ. බළන්ගොඩ සංස්කෘතියට අයත් ගල් ආයුධ මෙහිදී හමුවී ඇත. තැනිතලාවේ වෘක්ෂලතාදිය කඳුකර වනාන්තර මෙන්ම තණබිම් මඟින් සශ්‍රීක වන අතර, එයට ආවේණික දැවමය ශාක රාශියක් දැක ගත හැකිය.
    ක්ෂීරපායීන් අතරින් විශාල ගෝනුන් රංචු නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර, මෙය ශ්‍රී ලංකාවට ආවේණික පමණක් නොව, හෝර්ටන් තැන්නට පමණක් සීමා වූ කුරුලු විශේෂ රැසක් සහිත වැදගත් ප්‍රදේශයකි.  වන විනාශය වනෝද්‍යානයට ඇති ප්‍රධාන තර්ජනයන්ගෙන් එකක් වන අතර, මෙය ස්වභාවික සංසිද්ධියක් නිසා ඇති වූවක් බැව් ඇතැම් අධ්‍යයන වලින් පෙනී යයි. හෝටන් තැන්න, ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ දකුණු සානුවේ පිහිටා ඇත.
    ශ්‍රී ලංකාවේ දෙවන සහ තුන්වන උසම ස්ථානය වන කිරිගල්පොත්ත (මීටර් 2,388 (අඩි 7,838)) සහ තොටුපොල කන්ද (මීටර් 2,357 (අඩි 7,733)) යන කඳු මුදුන් පිළිවෙලින් බටහිර හා උතුරින් පිහිටා ඇත. මෙහි උන්නතාංශය මීටර් 2,100–2,300 (අඩි 6,900–7,500) දක්වා පරාසයක පවතී. මෙහිදී හමුවන පාෂාණ මුල් භූ යුගයට අයත් අතර, ප්‍රාග්කේම්බ්‍රිය යුගයේ ඉහළ ශ්‍රේණියට අයත් වේ. මෙහි විවිධ කළු ගල් පාෂාණ වලින් (Khondalites, Charnockites and granitic gneisses) සමන්විත වේ. පස් වර්ගය රතු-කහ පොඩ්සොලික් කාණ්ඩයට අයත් වන අතර, මතුපිට ස්ථරය දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය වලින් ආවරණය වී ඇත.  
  7. ලූල්කඳුර තේ වත්ත හරහා කොණ්ඩගල කඳු මුදුන තරණය - ශ්‍රී ලංකාවේ පළමු වාණිජ තේ වත්ත                                                                                                                                      කොණ්ඩගල යනු, ලූල්කඳුර පළමු වාණිජ තේ වතුයායට ඉහළින් පිහිටා ඇති දර්ශනීය කඳු මුදුනකි. කඳු තරණයට කොණ්ඩගල කඳු මුදුන වෙත මහනුවර දෙල්තොට පාර හරහා ළඟා විය හැකිය. දෙල්තොට නගරය පසු කළ පසු, හේවාහැට මාර්ගය ඔස්සේ ලූල්කඳුර තේ වත්තට ළඟා විය හැකිය. ඉන් පසුව ඔබට වතුයාය හරහා කඳු නැගීම ආරම්භ කළ හැකිය. කොණ්ඩගල කඳු මුදුන යනු අවට පරිසරය පුළුල් වපසරියකින් නැරඹිය ඇති ස්ථාන අතරින් එකකි.
    පැහැදිලි දිනයක කොණ්ඩගල මුදුනේ සිට බලන කළ නකල්ස් කඳුවැටිය, හන්තාන කඳු වැටිය, අලගල්ල කඳු මුදුන, අම්බුළුවාව, සිංගල් ට්‍රී හිල් සහ ශ්‍රී පාදස්ථානය ආදි දිස් වනු ලබන සුන්දර වටපිටාවක දර්ශනයක් දිස් වනු ඇත. පාෂාණ මතුපිට, අංශක 90 ක බෑවුම සහ එකවරම ඇති වන මීදුම හේතුවෙන් කොණ්ඩගල මුදුනේ සිටින විට සැලකිලිමත් විය යුතුය.
  8. ලූල්කඳුර තේ වත්ත

    ශ්‍රී ලංකාවේ කෝපි වගාව අසාර්ථක වීමෙන් පසු, අත්හඳා බැලීමේ වගාවක් කළ පළමු තේ වගාව මහනුවර දිස්ත්‍රික්කයේ ලූල්කොන්දර වතුයායේ පිහිටා ඇත. මෙම වගාවේ අතිසාර්ථකත්වය හේතුවෙන් එවකට මෙම වගාව භාරව සිටි 21 හැවිරිදි වැවිලිකරු ජේම්ස් ටේලර් මහතා ශ්‍රී ලංකාවේ පශ්චාත් ජනපද ඉතිහාසයේ කොටස්කරුවෙකු ලෙස සදා අමරණීය පුද්ගලයෙකු බවට පත් විය.
    ජේම්ස් ටේලර් මහතා විසින් භාවිත කරන ලද ගල් අසුනක් වන ටේලර්ස් සීට් (Taylor's Seat) මෙහිදී දැක ගත හැකි අතර, අවට කඳු වැටිවල අපූරු දසුනක් මෙහි හිඳ නැරඹිය හැකිය. දැවයෙන් කරන ලද කුටියේ චිමිනියක් (මැදිරියේ ඉතිරි කොටස පමණක්) (The chimney of the log cabin) දැක ගැනීමට හැකිය. මනාව පවත්වා ගෙන යන ලද ටේලර් මහතා විසින් වගා කරන ලද පළමු තේ වතු ප්‍රදේශය ලූල්කඳුර (ලූල්කොන්දර) වතුයායේ අංක 7 යාය (No.7 field of the Loolkandura) ලෙස හැඳින්වේ.  වතුයාය නම් කිරීමයි. වතු යායන් පවත්වා ගෙන යන ලද සියල්ලන්ම ඔවුන්ගේ හදවතට සමීප ඉංග්‍රීසි නම්වලින් ඒවා නම් කළ විට, ටේලර් මහතා විසින් ඒ සඳහා යොදා ගත් නම ඉතා සුවිශේෂී වේ. ඔහු තේ වත්ත “ලූල්කොන්දර” යනුවෙන් නම් කළ අතර එහි මෙහි දේශිය නම වනුයේ ලූල්කඳුර නම් වේ.

  9. නකල්ස් කඳුවැටියේ කොටා ගඟ දියඇල්ල වෙත කඳු සංචාරය සහ තරණය                      කොට ගඟ ඇල්ල යනු මහනුවර දිස්ත්‍රික්කයේ නකල්ස් කඳුවැටියේ පිහිටි දිය ඇලි සමූහයකි. මෙම දිය ඇලි සමූහය අවම වශයෙන් ප්‍රධාන කොටස් 7 කින් සමන්විත වන අතර, බොහෝ විට මුළු උස මීටර් 100 ට වඩා වැඩිය. ගම්වාසීන් විසින් සොයා ගනු ලැබූ හෝ නිර්මාණය කරන ලද කිසිදු අඩි පාරක් දැක ගත නොහැකි, වනාන්තරය තුළ දිය ඇලි කිහිපයක් පිහිටා ඇත. එමෙන්ම මෙම දිය ඇල්ල සම්පූර්ණයෙන් දැකබලා ගැනීමට නැරඹුම් ස්ථානයක් නොමැත. කඳු නගින්නන්ට තංගප්පුව ගම්මානයන් මෙම දිය ඇල්ල වෙත ළඟා විය හැකිය. දළ වශයෙන් වේ. 5.5km ඉහළට තරණය කළ යුතුය. මෙම දිය ඇල්ල වෙත මාර්ගය හොඳින් දන්නා මාර්ගෝපදේශකයෙකු සමඟ මෙය නැරඹීමට යාම සුදුසුය
  10. රිවර්ස්ටන් එක් දින විනෝද චාරිකාව                                                                                            මාතලේ නගරයේ සිට ආසන්න වශයෙන් 30 km පමණ දුරින් පිහිටා ඇත. මාතලේ - ලග්ගල - පල්ලේගම මාර්ගයේ ගමන් කරන විට, තරමක් සුළං සහිත වැලමිටි වංගු කිහිපයකින් යුතු වූවද, හොඳ තත්වයකින් යුතු ගමන්මාර්ගය දිගේ සුන්දර පරිසරය අත්විඳිය හැකි අතර, සංචාරකයින් ඉතා අඩුවෙන් පැමිණෙන කුඩා ලෝකාන්තය දැක ගත හැකිය.
    මෙහි දේශගුණික තත්ත්වයන් හෝර්ටන් තැන්න හා සමාන වන අතර, ඊට අමතරව “සේර ඇල්ල” සහ “බඹරකිරි ඇල්ල” යන විශාල දිය ඇලි දෙකකින් යුතුය. මෙය ඇස් ඉදිරියේ මනස්කාන්ත දසුනක් මවමින්,  දිය ඇල්ලෙන් ඔබේ මුහුණ මත පතිත වන හිරි කඩ පහස “සේර ඇල්ල” ගල් අසුන් මත විවේකයෙන් යුතුව විඳීමට අමතක නොකළ යුතුමය. ඉතා පැහැදිලි සීතල වතුරේ සුවය විඳ ගැනීමට තෙල්ගමු ඔය කදිම ස්ථානයකි
    ඉතා දර්ශනීය මෙම දිය දහරාව ඔස්සේ තවදුරටත් උඩුගං බලා තරණය කිරීම නිසැකයෙන්ම ඔබට ප්‍රබෝධමත් සහ නැවුම් බවක් ගෙන දෙනු ඇත‍. පිටවල පතන හරහා මීදුමෙන් වැසුණු රිවර්ස්ටන් කඳු මුදුන තරණයට (කිලෝමීටර් 02.5ක්) ද අපි ඔබට ආරාධනා කරමු. මන්ද යත් එය මධ්‍යම කඳුකරයේ සුන්දරත්වය විදහා පාන මීටර් 300 ක් පමණ ඍජු බෑවුමක් වන කුඩා ලෝකාන්තය විශේෂයෙන්ම   “නකල්ස් කඳු වැටිය” සහ තෙල්ගමු නිම්නයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට අනන්‍ය වූ හෙල්මළු ගොවිතැන් ක්‍රමය මෙහිදී නැරඹීමට හැකියාව ඇති බැවිනි.

     
  11. හීල්ඔය ගම්මානයට කඳු තරණය -  ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ගම්මාන ජීවන රටාව ගවේෂණය කිරීම                                                                                                                     හීල්ඔය යනු මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය, දුෂ්කර කෘෂිකාර්මික ගම්මානයක් වන අතර, පෙර දවස මිනිසුන්ට යුක්තිය ඉටු කළ ආකාරය අවබෝධ කර ගැනීමේ සුවිශේෂී උදාහරණයකි. ගම්මුලාදෑනියාගේ නඩුවක් අසන ආකාරය සහ එම ස්ථානය තවමත් නොනැසී පවතී. ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැන, ගෙවතු වගාව, පශු සම්පත් හා කුළුබඩු වර්ග වේ. ගැමියෝ අතිරේක ආදායම් මාර්ග ලෙස රා මැදීම, හස්ත කර්මාන්ත, මී මැසි පාලනය(ඇතිකිරීම), සම්ප්‍රදායික නර්තනය ආදියෙහි නිරත වෙති.
    දෛනික ජීවිතයේ දේශීය චාරිත්‍ර වාරිත්‍රවල ඇති අනන්‍යතාව අදටත් දැක ගත හැකි ඉතා සාම්ප්‍රදායික ගම්මානයකි. ආහාර සකස් කිරීමට පලතුරු සහ එළවළු නෙලීමේ සහ ගැමි රස මුසු වූ ආහාර වේලක් සැකසීම වැනි කටයුතු වල නිරතවීමෙන් ගැමි ජීවිතයේ කොටස්කරුවෙකුවන්නට, සංචාරකයින්ට හැකිය. හීල්ඔය දිය ඇල්ල, දේශීය ශාක විශේෂ සහ ඖෂධ පැළෑටි ආදිය ගැන අධ්‍යනයටද ඔවුන්ට අවස්ථාවක් ලැබෙනු ඇත. හීල්ඔය නරඹන්නන්ට කඳු නැගීම සහ අවට පරිසරය නැරඹීමට අමතරව, සාම්ප්‍රදායික ගමක ජීවිතය පිළිබඳ හැඟීමක් සහ සැබෑ ශ්‍රී ලාංකේය ඉවුම්පිහුම් කලාවේ අත්දැකීම් ලබා ගත හැකිය! අපි මෙම චාරිකා අර්ධ දින හෝ සම්පූර්ණ දින සංචාරයක් ලෙස පිරිනමන්නෙමු.
  12. පීකොක් කන්ද තරණය - පුස්සැල්ලාව                                                                                      පීකොක් කන්ද යනු ශ්‍රී ලංකාවේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටි (මුහුදු මට්ටමේ සිට මීටර් 1513) උසම කඳු මුදුන වන අතර, එය පුස්සැල්ලාව නගරයට වඩා මීටර් 200 ක් උසින් පිහිටා ඇත. ගම් හරහා ඇති මාර්ග ඔස්සේ පීකොක් කන්දට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. පීකොක් හිල් කන්ද යනු ගම්පොළ නගරය, පුස්සැල්ලාව නගරය, අම්බුළුවාව, දොළොස්බාගේ කඳුවැටිය, නාවලපිටිය නගරය, නුවරඑළිය නගරය, පිදුරුතලාගල කඳු වැටිය කොත්මලේ ජලාශය සහ බයිබල් රොක් යන ප්‍රදේශයන්හි සුන්දරත්වය කැටි කොට ගත්, බොහෝ කඳු සහ නගරවල අසිරිය විඳ ගැනීමට අවස්ථාව සලසනු ලබන, පුස්සැල්ලාව ප්‍රදේශයේ වඩාත්ම දර්ශනීය ස්ථානවලින් එකකි. පුස්සැල්ලාව පිරිසිදු වාතශ්‍රය මධ්‍යයේ කඳු තරණය කිරීම සංචාරකයෙකුට අපූරු අත්දැකීමක් එක් කරනු ඇත.

  13. සිංගල් ට්‍රී කඳු වැටිය තරණය- ශ්‍රී ලංකාවේ 10 වන උසම කඳු මුදුන සහ ශාන්තිපුර - ශ්‍රී ලංකාවේ උසම ගම්මානය                                                                                                                  සිංගල් ට්‍රී කන්ද ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුන් අතරින් දසවන (මීටර් 2100) ස්ථානයේ පසු වන අතර, නුවරඑළිය නගරයට මීටර් 250ක් පමණ ඉහළින් පිහිටා ඇත. තේ වත්ත හරහා වැටී ඇති මාර්ගය භාවිත කිරීමෙන් සිංගල් ට්‍රී කන්ද පහසුවෙන් තරණය කළ හැකිය.
    සිංගල් ට්‍රී කන්දළ පහතින් ඇති නගර මනරම් ආකාරයෙන් දිස්වන සහ හග්ගල කන්ද, පිදුරුතලාගල කඳුවැටිය, ග්‍රෙගරි වැව සහ හෝර්ටන් තැන්නේ මුළු උතුරු ප්‍රදේශයේම සුන්දරත්වය ගැබ් වූ, මනස්කාන්ත වටපිටාවක දසුනක් දැක ගත හැකි නුවරඑළියේ පිහිටා ඇති ස්ථාන අතරින් එකකි.
    පිරිසිදු වාතාශ්‍රයක් ඇති නුවරඑළිය මධ්‍යයේ කඳු තරණය කිරීම මඟින් සංචාරකයෙකුට අර්ථවත් කාලයක් ගත කළ හැකිය. ප්‍රදේශවාසීන් පවා ඉතා කාරුණික හා යහපත් හැසිරීම් ඇති පුද්ගලයින් වන අතර, ඔවුන් ඕනෑම අවස්ථාවක උපකාර කරනු ඇත. ස්වාභාවික කඳුකර වනාන්තරය සහ යුකැලිප්ටස් ගස් අතරින් ගමන් කරන විට අපට විවිධ පක්ෂි විශේෂ, සමනලුන්, කටුස්සන්, ගෙම්බන් සහ විචිත්‍රවත් වන මල් ගොමු දැකගත හැකිය. වැඩි දුරක් යාමට පෙර, මීටර් 2034 ක උන්නතාංශයකින් යුතු ශ්‍රී ලංකාවේ උසම ගම්මානය වන "ශාන්තිපුර" වෙත අපි ළඟා වනු ඇත. මෙහි සිට බලන කළ ඔබට නුවරඑළිය නගරයේ තවත් පුථුල දර්ශනයක් ඔබ නෙත ගැටෙනු ඇත.

  14. නකල්ස් කඳුවැටියේ දිය ඇලි නැරඹීම                                                                                          ශ්‍රී ලංකාව, එහි විශාලත්වය සමඟ සැසඳීමේදී, ලෝකයේ ඕනෑම රටක් අතරින් දිය ඇලි විශාලතම සංඛ්‍යාව ඇති රට විය හැක. ඇත්ත වශයෙන්ම, ලැයිස්තුගත දිය ඇලි සංඛ්‍යාව 500 ක් පමණ වේ. නකල්ස් කඳුවැටිය හෙක්ටයාර 21,000 කට ආසන්න ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර, එය මුළු අභයභූමියේම දිය ඇලි 30 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟ සඳහා ප්‍රධාන මූලාශ්‍රය මෙම දිය ඇලි වේ. මෙම දිය ඇලි 30 න්, 15 කට ආසන්න ප්‍රමාණයක් නකල්ස් කඳු වැටියට මායිම්ව පිහිටා ඇත. මෙම සංචාරයේදී දිය ඇලි 6-7 ක් නැරඹීමට අපි සැලසුම් කර ඇති අතර, එය සංචාරකයාගේ ඇවිදීමේ වේගය සහ ශාරීරික යෝග්‍යතා මට්ටම් මත පදනම් වේ.

    1. හුළුගඟ ඇල්ල                                                                                                           

      උස - මීටර් 50 ක් පමණ වේ. 

      හුළුගඟ ඇල්ල (උස මීටර් 75) යනු නකල්ස් කඳුවැටියෙන් ආරම්භ වන දිය දහරාවෙන් නිර්මාණය වනු ලබන දිය ඇළි අතරින් එකකි. වික්ටෝරියා ජලාශය වෙත ගලා ඒමට ප්‍රථම, ඇල්ලියද්ද සහ අරත්තන ගම්මාන ඉන් පෝෂණය කරනු ලබයි. දිය ඇල්ල පන්විල අසල හුළුගඟ නගරයට පහළින්, (මහනුවර දිස්ත්‍රික්කය, පන්විල පළාත් ලේකම් කොට්ඨාශය) පිහිටා ඇත.

    2. ජෝඩු දිය ඇල්ල/නිවුන් දිය ඇල්ල                                                                                   

      උස - මීටර් 45 කි.

      බඹරැල්ල නකල්ස් දියඇල්ලලෙසින්ද හඳුන්වනු ලබන ජෝඩු දිය ඇල්ල, ඊට අනන්‍ය වූ උසකින් (මීටර් 45) යුතු අතර, කඳු වැටිය දෙපසින් සිට හුළු ගඟ හරහා මහවැලි ගඟට එකවරම ගලා බසී. නකල්ස් කඳුවැටියේ කොටසක් වන මී මලයි හි උල්පතකින් මතුවන මොරගහ ගංඟාව මෙහි මූලාශ්‍රයයි. මෙම දිය ඇල්ලට ළඟා වීමට පෙර, ජල දහරාව ජලාශයන් කිහිපයක් හරහා දිය ඇලි හතකින් පහළට ඇඳහැලෙයි.

    3. නකල්ස් දිය ඇල්ල                                                                                                               

      උස- දළ වශයෙන් මීටර් 15 කි.

      නකල්ස් ඇල්ල පිහිටා ඇත්තේ නකල්ස් සංරක්ෂණ වන රක්ෂිතය තුළය. සංචාරකයින් තේ වතු සහ වනාන්තර හරහා දිය ඇල්ල වෙත ළඟා වීමට කන්දේ කිලෝමීටර් 3 ක් පමණ තරණය කළ යුතුය.

       

    4. ලෙබනන් වත්ත දිය ඇල්ල 01                                                                                          

      උස- දළ වශයෙන් මීටර් 30 කි. 

      මහනුවර දිස්ත්‍රික්කයේ ලෙබනන් වතුයායේ විශාල හා සුන්දරත්වයෙන් යුතු දිය ඇලි දෙකක් සැඟ වී සිටී. මෙම දිය ඇලි සාපේක්ෂව අප්‍රසිද්ධ වන අතර නමක් නොමැත. පළමු දිය ඇල්ල පිහිටා ඇත්තේ බඹරැල්ල මාර්ගයේ ලෙබනන් වතුයායට හැරෙන ස්ථානය අසල ය. නකල්ස් කඳුවැටියෙන් ආරම්භ වන දිය පහර වතුයාය මැදින් සහ, මෙම මංසන්ධියට ආසන්නයේ බඹරැල්ල මාර්ගය හරහා ගලා බසී.

      පාලමේ සිට මීටර් 250 ක් පමණ පහළට, මෙම මීටර් 30 දිය ඇල්ල සෑදී ඇති අතර, දිය දහරාවන් ඍජුවම ජල තටාකයට ඇඳ වැටේ. හුළුගඟ ඇල්ලේ සිට පන්විල - බඹරැල්ල මාර්ගය ඔස්සේ කිලෝමීටර් 5.5 ක් ගමන් කිරීමෙන් මෙම දිය ඇල්ලට ළඟා විය හැකි අතර, තේ වත්ත හරහා කිලෝමීටරයක් පමණ ගමන් කළ යුතුය..

    5. ලෙබනන් වත්ත දිය ඇල්ල 02                                                                                           

      උස - දළ වශයෙන් මීටර් 15-20 කි. 

      මෙම දිය ඇල්ල ලෙබනන් වතු ගම්මානයේ බෙහෙවින් ඇතුළට වන්න පිහිටා ඇත. සංචාරකයින් පාලමට ස්වල්ප දුරකට කලින් ඇති වතුයාය දෙසට ඇති මාර්ගයේ ගමන් කළ යුතුය. දිය ඇල්ලට ළඟා වීම ලයින් කාමර සහ කුඩා කැලෑවක් හරහා මෙය කිලෝමීටර් 1.5 ක් පමණ ඇවිද යා යුතු ගමනාන්තයකි.

       

    6. සාරි ඇල්ල                                                                                                                   

      උස - දළ වශයෙන් මීටර් 60-65 කි. 

      බඹරැල්ල නමින් හැඳින්වෙන කුඩා ගම්මානයේ සිට විනාඩි 5 ක පමණ ගමන් කිරීමෙන් පසු සාරි ඇල්ල පිහිටා ඇත. කාන්තාවකගේ සාරියක ස්වරූපයෙන් ඇඳ හැළෙන බැවින් මෙම දිය ඇල්ලට එම නාමය ලැබී ඇත. මෙම දිය ඇල්ල කිහිප තැනකින්ම ගලා බසින අතර, ඕනෑම වාහනයකින් ප්‍රවේශ වීමේ හැකියාව ඇත. බඹරැල්ල යනු නකල්ස් කඳු වැටියට පිවිසීමට ඇති ජනප්‍රිය ප්‍රවේශයක් වන අතර, හුළු ගඟ අවට දිය ඇලි ගණනාවක් මෙම ප්‍රදේශයෙන් ආරම්භ වේ.

       

    7. තාලිය වැටුන ඇල්ල                                                                                                   

      උස- මීටර් 50 කි. 

      මෙම මීටර් 50ක් උසැති මෙම තාලිය වැටුන ඇල්ල දිය ඇල්ල මහනුවර දිස්ත්‍රික්කයේ නකල්ස් කඳුවැටියේ අලකොළ වතුයායේ පිහිටා ඇත. එබැවින් මෙම දිය ඇල්ල අලකොළ ඇල්ල ලෙසද හැඳින්වේ. නකල්ස් කඳුවැටියෙන් ආරම්භ වන හුළු ගඟේ අතු ගංගාවකින් මෙය නිර්මාණය වී ඇත. අලකොළ වත්ත දෙසට දිවෙන මාර්ගය හුළු ගඟ පාලමට ඉදිරියෙන් පිහිටා ඇත. එම මාර්ගයේ කිලෝමීටර් 3 ක් පමණ ගමන් කළ විට, තාලිය වැටුන ඇල්ලේ ප්‍රධාන දිය කඩිත්ත දෙසට විහිදෙන අඩිපාරක් ඔබට හමුවනු ඇත. දිය ඇල්ල වෙත ළඟා වීමට තේ වත්ත හරහා කිලෝමීටර් එකහමාරක් පමණ සංචාරකයින් විසින් ගමන් කළ යුතුය.

  15.  


     

More things to do