"කළුදිය පොකුණ" කියූ සැනින් ම ඇතැමෙකුට මෙය අනුරාධපුර මිහින්තලයේ ඇති කළුදිය පොකුණ ආරාම සංකීර්ණය බවට සිතෙන්නට පුළුවන. නමුත් මෙය, මධ්‍යම පළාතේ මාතලේ දිස්‌ත්‍රික්‌කයේ කුඹක්‌කදන්වල ග්‍රාමයේ සිට කි.මී. 5 ක්‌ පමණ දුරකින් පිහිටා ඇති කළුදිය පොකුණ පබ්බතාරාමයයි. දඹුල්ල නගරයේ සිට කි.මී. 17 ක්‌ දුරින් සහ සීගිරියේ සිට කි.මී. 8 ක්‌ පමණ දුරින් මෙම පබ්බතාරාම සංකීර්ණය පිහිටා ඇත. මෙම ආරාම සංකීර්ණයේ අක්‌ෂාංශ හා දේශාංශ පිහිටීම 700 52' 562' හා 080 44' 124' ලෙස දැක්‌විය හැකිය.

මෙම ක්‌ෂේත්‍රය ඉතා වැදගත් පුරා විද්‍යාත්මක අගයන්ගෙන් යුක්‌ත වේ. අතීතයේ දී මෙය හඳුන්වා තිබෙන්නේ දක්‌කිණගිරි විහාරය යනුවෙනි. මෙය පබ්බතාරාමයක්‌ ලෙස මෙන් ම ලෙන් විහාර සංකීර්ණයක්‌ ලෙස ද හඳුනාගත හැකිය.

මෙම පබ්බතාරාමය අනුරාධුපර නගරයට තදාශ්‍රිතව පවතින සුවිශේෂී පබ්බතාරාමයක්‌ ලෙසට පෙන්වාදිය හැකිය. මන්ද තොලුවිල, විජයාරාමය, ප්‍රාචීණ තිස්‌සපබ්බත විහාරය නාගරික පබ්බතාරමවල ද මැණික්‌දෙන, සීගිරිය, මීවලපතහ වැනි ප්‍රාදේශීය පබ්තාරාමවල ද දක්‌නට ලැබෙන ලක්‌ෂණ මෙම කළුදිය පොකුණ පබ්බතාරාමයෙන් හඳුනාගත හැකි බැවිනි. මෙම පබ්බතාරාම සංකීර්ණයෙහි වහරල සෙල්ලිපි කිහිපයක්‌ ද පවතියි. මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ මහාචාර්ය සිරිමල් රණවැල්ල ආදී විද්වතුන් විසින් ඒවා කියවා අර්ථ විවරණයන් සහිතව ප්‍රකාශයට පත්කොට තිබේ. ඒ අනුව එම සෙල්ලිපිවල මෙම විහාරයට පූජා කරන ලද දානමාන පිළිබඳවත් මෙහි විසූ භික්‌ෂුන්ට අදාළ වූ නීති රීති පිළිබඳවත් සඳහන් වේ. කළුදිය පොකුණ පුවරු ලිපිය එක්‌ නිදසුනකි.

Toilet Facilities: Yes

Disable accessibilities: Yes

Distance from Matale: 17km

Tickets: Yes

More Destinations